




සාදරයෙන් පිළිගනිමු..!
ශ්‍රී ලංකා මධ්‍යම පළාත් සභා ලේකම් කාර්යාල වෙබ් අඩවියට සාදරයෙන් පිළිගනිමු..!
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය යටතේ 1988 වර්ෂයේදී ශ්‍රී ලංකාව තුළ පළාත් සභා ක්‍රමය ස්ථාපිත කරන ලදී. ඒ අනුව මධ්‍යම පළාත් සභාවේ කටයුතු 1988 ජූලි 14 වැනිදා ආරම්භ කර ඇත. මධ්‍යම පළාත් සභා බල ප්‍රදේශය මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන පරිපාලන දිස්ත්‍රික්ක තුනකින් සමන්විත වේ. මධ්‍යම පළාතේ ජීවත් වන සිංහල, දෙමළ සහ මුස්ලිම් ප්‍රධාන ප්‍රජාවන් නියෝජනය කරමින් මධ්‍යම පළාත් සභාවට තේරී පත් වූ මන්ත්‍රීවරු 58 දෙනෙක් සිටිති.
ඒ අනූව පළාත් සභාවේ පරිපාලනමය කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා 1987 අංක 42 දරණ පළාත් සභා පනතේ විධිවිධාන අනූව සභාලේකම් කාර්යාලය ස්ථාපිත කර ඇත.
පළාත් සභා සෙංකෝලය

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනූව ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයෙහි විශේෂ ලක්ෂණයක් වන්නේ සෙංකෝලයයි. සෙංකෝලය පාර්ලිමේන්තුවේ කථානායකගේ බල අධිකාරිය මෙන්ම පාර්ලිමේන්තුවේ අණසක සංකේතවත් කරන ඵෙතිහාසික වටිනාකමක් සහිත වස්තුවක් බව පිළිගැනීමකි.
මධ්‍යම පළාත් නිල පුෂ්පය

මධ්‍යම පළාතේ නිල පුෂ්පය වන මහ රත් මල (Rhododendron arboreum - subsp. zeylanicum), මුහුදු මට්ටමේ සිට මීටර් 1700 - 2300 ක් උස, නුවරඑළිය දිස්ත්‍රික්කයේ හෝර්ටන් තැනිතලාව, ඔහිය, පට්ටිපොල, සීතාඑළිය, මූන් තැන්න, නකල්ස්, නමුණුකුල කඳු වැටිවල වැඩෙන බව වාර්තා වේ.
පළාත් සභා ප්‍රඥප්ති

1990 සිට මේ දක්වා මධ්‍යම පළාත් සභාව විසින් විවිධ පළාත් විෂයයන් පාලනය කරන සියලුම ප්‍රඥප්ති, ප්‍රඥප්ති බාගත කිරීමේ පිටුවේ අඩංගු වේ.
නිල ප්‍රඥප්ති PDF ලේඛන ලෙස බාගත කිරීමට කරුණාකර පහත ක්ලික් කරන්න.
මානව සම්පත් සංවර්ධන සැලැස්ම

මධ්‍යම පළාත තුළ ජිවත් වන ජනතාවට , දේශපාලනික, ආගමික, සමාජයීය, අධ්‍යාපන හා ආර්ථික සෞභාග්‍යය උදා කරලීම සඳහා ව්‍යවස්ථාදායකය විසින් අනුමත කරනු ලබන නීති, රීති හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිමට දායක විම සහ සම්බන්ධිකාරකයෙකු ලෙස කටයුතු කිරිම.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත (RTI)
නම් කරන ලද නිලධාරියා
සුජානි ආර්. විජේතුංග මහත්මිය
සභා ලේකම්
මධ්‍යම පළාත් සභාව - ශ්‍රී ලංකාව
දුරකථන අංකය: +94 812 421965
විද්යුත් තැපෑල: assemblycpc@gmail.com
තොරතුරු නිලධාරී
පී. ජී. දිසානායක මහතා
සහකාර ලේකම් (වැ.බ.)
මධ්‍යම පළාත් සභාව - ශ්‍රී ලංකාව
දුරකථන අංකය: +94 812 420108
විද්යුත් තැපෑල: assemblycpc@gmail.com





