බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනූව ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයෙහි විශේෂ ලක්ෂණයක් වන්නේ සෙංකෝලයයි. සෙංකෝලය පාර්ලිමේන්තුවේ කථානායකගේ බල අධිකාරිය මෙන්ම පාර්ලිමේන්තුවේ අණසක සංකේතවත් කරන ඵෙතිහාසික වටිනාකමක් සහිත වස්තුවක් බව පිළිගැනීමකි. ඒ අනූව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දැනට ඇති සෙංකෝලයද බ්‍රිතාන්‍ය සම්ප්‍රදායට අනූව සකසා 1949 දී මෙරටට ලැබී ඇත.
මධ්‍යම පළාත් සභා සෙංකෝලයද නිම වී ඇත්තේ මේ අනුසාරයේ ප්‍රතිඵලයක් ලෙසටය. මධ්‍යම පළාත් සභා සෙංකෝලය වටිනා කළුවර දැවයෙන් හා රිදී පැහැ ලෝහයෙන් නිර්මාණය කළ උඩරට කලා සම්ප්‍රදායේ ප්‍රතිමූර්තියකි. සභා රැස්වීම් ආරම්භ කරන අවස්ථා වලදී සෙංකෝලය පෙරටු කරගෙන ගරු සභාපතිතුමා ඇතුළු ලේකම්වරුන් සභා ගැබට ඇතුළුවන අවස්ථාවේ සිට එය රඳවා තබන තෙක් ගරු සභාව තුල සිටින සියළුම මැති ඇමතිවරුන් හා නිලධාරීන් ඊට ගරු කිරීමක් ලෙසට සිය අසුනෙන් නැඟී සිට හිස නමා ඊට ආචාර කරනු ලබයි.
සෙංකෝලය සභා ගැබ තුල තබන සෑම විටකම එහි ඔටුන්න සහිත ගෝලය ආණ්ඩුපක්ෂය දෙසට තැබිය යුතුය. සභාව මහා සභාවක් ලෙස කටයුතු කරන විට එය රඳවනයෙහි ඉහළම කොටසේද සභාව කාරක සභාවක් ලෙස කටයුතු කරන විට එය පහත රඳවනයෙහිදතැබිය යුතුය.පළාත් සභා සෙංකෝලයේ ශීර්ෂය උඩරට රාජධානියේ කිරුළ නිරූපනය කර ඇති අතර ඒ තුලින් උත්තරීතර පාලනය විදහා දක්වයි. ගෝලය මැද පළාත් කොඩියේ සිංහයා නිර්මාණය කර ඒ තුලින් පරිපූර්ණත්වය ,නොබෙදිය හැකි බවද, ධාන්‍ය කරල් මගින් සශ්‍රීකත්වයද,සෞභාග්‍යද සංකේතවත් කර ඇත. සදාකාලිකත්වය නිරූපණය කිරීම සඳහා සූර්යයා සහ චන්ද්‍රයාද කැටයම් කර ඇත. මෙහි පිපුණු නෙළුම් මල විසිතුරු බව නොකැලැල් බව, සුන්දරත්වය හා ගෞරවනීය බවත් සංකේතවත් කරන අතර පේකඩ සහිත කුළුණු හිසක් මත ඒ සියල්ල දරා සිටිමින් දරාගැනීමේ හැකියාව පිළිඹිබු කරයි. සිංහ මුහුණු 04ක් නිර්මාණය කර ඇති අතර එමගින් ආරක්ෂාව,සුරක්ෂිත බවඅපේක්ෂා කරයි.විචිත්‍රවත් අත්දණ්ඩෙ ඉහළින් වළලු තුනක් නිර්මාණය කර ඒ තුලින් තුනුරුවන්ද වළලු 10න් දසරාජ ධර්මද,පහත වළලු 03න් මහනුවර ,මාතලේ, නුවරඑළිය යන මධ්‍යම පළාතට අයත් දිස්ත්‍රික්ක තුනද පෙන්වා දී ඇත. පහතින්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයද දක්වා ඇති අතර සෙංකෝලයේ අලංකාරත්වය වැඩි කිරීම සඳහා තවත් සුක්ෂම විශේෂ ලක්ෂණ රැසක්ද එකතු කර ඇත.
![]() |
01. | උත්තරීතර පාලනය (ඔටුන්න- උඩරට රාජධානියේ කිරුළ) |
| 02. | පරිපුර්ණත්වය,නොබෙදිය හැකි බව(ගෝලය) | |
| 03. | පළාත් කොඩියේ සිංහයා | |
| 04. | සශ්‍රික බව(වී කරල) | |
| 05. | විචිත්‍ර බව | |
| 06. | ස්ථිර බව (ඉර, හඳ, ධර්මචක්‍රය හා පළාත් පුෂ්පය - සදාකාලික බව) | |
| 07. | පද්මය - (විසිතුරු බව, නොකැළැල් බව, සුන්දර බව, ගෞරවනීය බව) | |
| 08. | ආරක්ෂාව / සුරක්ෂිත බව (සිංහ මූණු හතර) | |
| 09. | ත්‍රිවිධ රත්නය (වළලු තුන) | |
| 10. | දස රාජ ධර්ම (වළලු දහය) | |
| 11. | විචිත්‍ර අත් දණ්ඩ | |
| 12. | දිස්ත්‍රික්ක තුන (වළලු තුන) | |
| 13. | ආර්ය අෂ්ඨාංගික මාර්ගය |


