මානව සම්පත් සංවර්ධන සැළැස්ම - 2025

සභා ලේකම් කාර්යාලය  - මධ්‍යම පළාත

 


 

01. සංවිධානය

1.1 ආයතනයේ නම   - සභා ලේකම් කාර්යාලය - මධ්‍යම පළාත
1.2 ආයතනයේ දැක්ම/මෙහෙවර/අරමුණු/කාර්යයන්

දැක්ම - සෞභාග්‍ය සපිරි මැද රටක්...

මෙහෙවර - මධ්‍යම පළාත තුළ ජිවත් වන ජනතාවට , දේශපාලනික, ආගමික, සමාජයීය, අධ්‍යාපන හා ආර්ථික සෞභාග්‍යය උදා කරලීම සඳහා ව්‍යවස්ථාදායකය විසින් අනුමත කරනු ලබන නීති, රීති හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිමට දායක විම සහ  සම්බන්ධිකාරකයෙකු ලෙස කටයුතු කිරිම.

අරමුණු

  • ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 1987 අංක 42 දරණ පළාත් සභා පනත යටතේ පැවරී ඇති බලතල ප්‍රශස්ථ ලෙස ක්‍රියාත්මක කිරිම.
  • ආයතන කාර්ය මණ්ඩලය උපරිම කාර්‍යක්ෂමතාවයෙන් පවත්වාගෙන යෑම.
  • මහජන නියෝජිතයන්ට අවශ්‍ය සේවා හා පහසුකම් කාර්‍යක්ෂම සහ අපක්ෂපාති ලෙස සැලසීම.
  • පළාත් සභාව යටතේ පාලනය වන අනෙකුත් ආයතන සඳහා ආදර්ශමත් ආයතනයක් වීම.
  • මධ්‍යම පළාතේ පළාත් සභාව ජාතික පරිපාලනයේ ශක්තිමත් ඒකකයක් බවට පත් කරලීම.

 කාර්යයන්

  • මධ්‍යම පළාත් තුළ ජිවත් වන සමස්ථ ජනතාවගේ සමාජිය හා ආර්ථික සෞභාග්‍යය උදාකරලිම සඳහා ගරු මැති ඇමතිවරුන් ඉටු කරනු ලබන ව්‍යවස්ථාදායක කටයුතු වඩාත් සඵලදායි ලෙස ක්‍රියාත්මක කිරිමට සහය වීම.
  • සභා රැස්වීම් පැවැත්විමට අවශ්‍ය කටයුතු සංවිධානය කිරිම .
  • සභා රැස්වීම් වාර්තා හැන්සාඩ් ගත කිරිම
  • සභා රිති වලට අනුකුලව ප්‍රඥප්ති සභා ගත කිරිම
  • අමාත්‍යංශ උපදේශක කාර්ක සභා හා අනෙකුත් කාරක සභා රැස්වීම් සහ ඉදිරි කටයුතු

කිරිම.

  • ගරු මන්ත්‍රි මණ්ඩලය හා ඔවුන්ගේ කාර්ය මණ්ඩලය වෙත වැටුප් හා දීමනා ගෙවිම.
  • ගරු මැති ඇමතිවරුන්ගේ පොදු පහසුකම් හා වරප්‍රසාද සම්බන්ධව කටයුතු කිරිම.
  • ආයතනික සාමාන්‍ය පරිපාලනය සම්බන්ධව කටයුතු කිරිම.
1.3 ආයතනය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය    -

පළාත් සභාවක් ක්‍රියාත්මක වන අවස්ථාවේදි සභා කටයුතු හා මන්ත්‍රිවරුන්ගේ කාර්යයන් ඉටු කිරිම

 


 

2. ආයතනයේ මානව සම්පත් සංවර්ධන සැළැස්ම සඳහා වු

2.1 දැක්ම:

නිරන්තර පුහුණුව තුළින් කාර්‍යක්ෂම රාජ්‍ය සේවයක් ........

2.2 මෙහෙවර:

ආයතනයේ සාර්ථකත්වය, නිලධාරින්ගේ කාර්‍යක්ඹතාවය , දැනුම හා ආකල්ප  වර්ධනය සදහා නිරන්තර පුහුණුව ලබා දීම හා පසු විපරම

2.3 අභිමතාර්ථ:
  • නිලධාරින් හට විෂයානුබද්ධ නව දැනුම ලබා දිම
  • නිලධාරින්ගේ ආකල්ප වර්ධනය කිරිම
  • නිලධාරින්ගේ තාක්ෂණික දැනුම වැඩි දියුණු කිරිම
2.4 අරමුණු:
  • නම්‍යශීලි ජනතා මෙහෙවරක් සිදු කිරිම .
  • දැනුමෙන් පෝෂිත රාජ්‍ය සේවා නිලධාරින් පිරිසක් බිහි කිරිම
  • අවංක ,කාර්‍යක්ෂම රාජ්‍ය නිලධාරින් බිහි කිරිම
2.5 අගයන්:
  • කාර්‍යක්ෂමතාවය
  • නම්‍යශිලී බව
  • අපක්ෂපාතී බව
  • දැනුම ඇති බව

 


 

03. ආයතනයේ මානව සම්පත

3..1 ආයතනයේ කාර්ය මණ්ඩල තොරතුරු විශ්ලේෂණය

සේවා මට්ටම

තනතුර

අදාල වන සේවය

ශ්‍රේණිය

වැටුප් කේතය

2025/01/01 දිනට නිලධර සංඛ්‍යාව

අනුමත

සිටින සංඛ්‍යාව

පුරප්පාඩු

අතිරික්ත

ඡ්‍යෙෂ්ඨ මට්ටම

සභා ලේකම්

SLAS

Spl

SL 3-2016

01

01

 

 

සහකාර ලේකම්

SLAS

III-I

SL 1-2016

01

 

01

 

එකතුව

 

 

 

02

01

01

 

තෘතිය මට්ටම

පරිපාලන නිලධාරි

PPMAS

Supra

MN7-2016

01

01

 

 

භාෂා පරිවර්ථක

TS

II/I

MN6-2016

01

 

01

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

එකතුව

 

 

 

02

01

01

 

ද්විතිය මට්ටම

හැන්සාඩ් සංස්කාරක

Dept

III/II/I

MN4-2016

01

 

01

 

සංවර්ධන නිලධාරි

DOS

III/II/I

MN4-2016

06

05

01

 

කළමණාකරන සේවා නිලධාරි

PPMAS

III/II/I

MN2-2016

14

11

03

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

එකතුව

 

 

 

21

16

05

 

ප්‍රාථමික ම්ට්ටම

 

 

රියදුරු

PDS

III/II/I/spl

PL3-2016

02

01

01

 

ශ්‍රව්‍ය දෘශ්‍ය ක්‍රියාකරු

Dept

III/II/I/spl

PL2-2016

01

01

 

 

කාර්යාල කාර්ය සහයක

OES

III/II/I/spl

PL1-2016

06

05

01

 

නිල නිවාස භාරකරු

Dept

III/II/I/spl

PL1-2016

01

01

 

 

මුරකරු

Dept

III/II/I/spl

PL1-2016

02

02

 

 

කම්කරු

OES

III/II/I/spl

PL1-2016

04

04

 

 

 

 

 

 

 

 

 

 

එකතුව

 

 

 

16

14

02

 

සම්පුර්ණ තනතුරු සංඛ්‍යාව

 

 

 

41

32

09

 

 

3.2 ආයතනයේ ඉදිරි කාර්ය මණ්ඩල අවශ්‍යතා පුරෝකථනය

සේවා මට්ටම

අනු අංකය

තනතුර

අදාල වන සේවය

ශ්‍රේණිය

වැටුප් කේතය

ඉදිරි කාර්ය මණ්ඩල අවශ්‍යතා

නව තනතුරක් ඇති කිරිම

අනුමත නිලධර සංඛ්‍යාව වැඩි කිරිම

අනුමත නිලධර සංඛ්‍යාව අඩු කිරිම

තනතුරු වෙනස් කිරිම

තනතුරු අහෝසි කිරිම

ඡ්‍යෙෂ්ඨ මට්ටම

1

පළාත් සභාව ක්‍රියාත්මක නොවන බැවින් මේ වන විට නව කාර්ය මණ්ඩල අවශ්‍යතාවක් පැණ නොගනි

2

3

4

 

තෘතිය මට්ටම

 

 

1

2

3

4

ද්විතිය මට්ටම

1

2

3

4

ප්‍රාථමික ම්ට්ටම

 

 

1

2

3

4

5

 

3.3 පවතින පුරප්පාඩු ඉදිරි වර්ෂය තුළ පිරවිම සඳහා වන සැළැස්ම

සේවා මට්ටම

අනු අංකය

තනතුර

අදාල වන සේවය

ශ්‍රේණිය

වැටුප් කේතය

නිලධර සංඛ්‍යාව

පුරප්පාඩු පුරවන ආකාරය

පුරප්පාඩු පුරවන තෙක් රාජකාරි ආවරණය කර ගන්නා ආකාරය

අනුමත

සිටින සංඛ්‍යාව

පුරප්පාඩු

අතිරික්ත

ඡ්‍යෙෂ්ඨ මට්ටම

1

සහකාර ලේකම්

SLAS

III-I

SL 1-2016

01

01

නැවත පළාත් සභාව පිහිටවු පසු පුරප්පාඩු පිරවිම

පරිපාලන නිලධාරි මගින්

තෘතිය මට්ටම

1

භාෂා පරිවර්ථක

TS

II/I

MN6-2016

01

01

නැවත පළාත් සභාව පිහිටවු පසු පුරප්පාඩු පිරවිම

ප්‍රධාන ලේකම් කාර්යාලයේ භාෂා පරිවර්ථකගේ සහාය ලබා ගැනිම

ද්විතිය මට්ටම

1

හැන්සාඩ් සංස්කාරක

Dept

III/II/I

MN4-2016

01

01

නැවත පළාත් සභාව පිහිටවු පසු පුරප්පාඩු පිරවිම

ප්‍රධාන කළමණාකරන සහකාර මගින්

2

සංවර්ධන නිලධාරි

DOS

III/II/I

MN4-2016

01

05

01

නැවත පළාත් සභාව පිහිටවු පසු පුරප්පාඩු පිරවිම

දැනට සිටින සංවර්ධන නිලධාරින් මගින්

3

කළමණාකරන සේවා නිලධාරි

PPMAS

III/II/I

MN2-2016

14

11

03

 

නැවත පළාත් සභාව පිහිටවු පසු පුරප්පාඩු පිරවිම

දැනට සිටින නිලධාරින් මගින්

ප්‍රාථමික ම්ට්ටම

1

රියදුරු

PDS

III/II/I/spl

PL3-2016

02

01

01

නැවත පළාත් සභාව පිහිටවු පසු පුරප්පාඩු පිරවිම

ආදේශක රියදුරු මගින්

2

කම්කරු

OES

III/II/I/spl

PL1-2016

04

04

නැවත පළාත් සභාව පිහිටවු පසු පුරප්පාඩු පිරවිම

දැනට සිටින කම්කරු තනතුරු මගින්

 

3.4 ආයතනයේ මානව සම්පත තිරස් ලෙස විශ්ලේෂණය

සේවා මට්ටම

ඡ්‍යෙෂ්ඨ මට්ටම

තෘතිය මට්ටම

ද්විතිය මට්ටම

ප්‍රාථමික මට්ටම

අදාල සේවා ගණය සහ ඒ යටතට ගැනෙන තොරතුරු

(අ) ඡ්‍යෙෂ්ඨ විධායක

(SL 4,SL 3)

(අ) කළමණාකනර සහකාර - අධි පන්තිය(MN-7)

(අ) ආශ්‍රිත නිලධාරි (MN-7)

(අ) ප්‍රාථමික ශ්‍රේණිය -ශිල්පිය (PL3)

        i.            සභා ලේකම්

Iපරිපාලන නිලධාරි

I හැන්සාඩ් සම්පාදක

I රියදුරු

ii

ii

Ii සංවර්ධන නිලධාරි

ii

(ආ) විධායක(SL 1)

(ආ) ක්ෂේත්‍රගත/ කාර්යාලගත නිලධාරි -ඛණ්ඩ1 (MN-6)

(ආ) අධික්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන/ තාක්ෂණික(MN-3)

(ආ) ප්‍රාථමික ශ්‍රේණිය -අර්ධ ශිල්පිය(PL2)

I සහකාර ලේකම්

I භාෂා පරිවර්ථක

i

I ශ්‍රව්‍ය දෘශ්‍ය ක්‍රියාකරු

ii

ii

ii

ii

(ආ) ක්ෂේත්‍රගත/ කාර්යාලගත නිලධාරි -ඛණ්ඩ2 (MN-5)

(ඇ) කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන/ බහුකාර්ය-ඛණ්ඩ1(MN-2)

(ඇ) ප්‍රාථමික ශ්‍රේණිය -ශිල්පිය නොවන(PL1)

i

I කළමනාකරණ සේවා නිලධාරි

I කාර්යාල කාර්ය සහයක

ii

ii

ii නිල නිවාස භාරකරු

(ඉ) කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන-ඛණ්ඩ2(MN-1)

Iii  මුරකරු

i

Iv කම්කරු

ii

(ඊ) කළමනාකරණ සහකාර තාක්ෂණ- ඛණ්ඩ2(MT-2)

i

ii

(උ) කළමනාකරණ සහකාර තාක්ෂණ- ඛණ්ඩ3(MT-1)

I

සටහන: ආයතනයේ ස්වරූපය අනුව සේවා ගණය, වැටුප් කේතය, සහ තනතුරු නාමයන් වෙනස් විය හැක.

 

3.5 මානව සම්පත කණ්ඩායම් ගත කිරිම හා සංඛ්‍යාත්මකව දැක්විම

සේවා මට්ටම

ඡ්‍යෙෂ්ඨ මට්ටම

තෘතිය මට්ටම

ද්විතිය මට්ටම

ප්‍රාථමික මට්ටම

අනු අංකය

කණ්ඩායම

නිලධර සංඛ්‍යාව

අනු අංකය

කණ්ඩායම

නිලධර සංඛ්‍යාව

අනු අංකය

කණ්ඩායම

නිලධර සංඛ්‍යාව

අනු අංකය

නිලධර සංඛ්‍යාව

කණ්ඩායම 15

කණ්ඩායම 12

කණ්ඩායම 09

කණ්ඩායම 03

ජ්‍යෙෂ්ඨ විධායක        ( SL4, SL3)

කළමණාකරන සහකාර අධි පන්තිය (MN-7)

ආශ්‍රිත නිලධාරි(MN-4)

ප්‍රාථමික ශ්‍රේණිය ශිල්පීය (PL3)

I

සභා ලේකම්

I

පරිපාලන නිලධාරි

I

සංවර්ධන නිලධාරි

I

රියදුරු

ii

හැන්සාඩ් සංස්කාරක

II

කණ්ඩායම 11

කණ්ඩායම 8

II

III

ක්ෂේත්‍රගත/කාර්යාලගත නිලධාරි ඛණ්ඩ1(MN-6)

අධික්ෂණ කළමණාකාරන සහකාර /තාක්ෂණික නොවන/තාක්ෂණීක(MN-3)

III

IV

I

භාෂා පරිවර්ථක

I

IV

කණ්ඩායම 14

II

II

V

විධායක( SL1)- දෙවන කණ්ඩායම

කණ්ඩායම 10

කණ්ඩායම 07

VI

I

ක්ෂේත්‍රගත/කාර්යාලගත නිලධාරි ඛණ්ඩ2(MN-5)

කළමණාකාරන සහකාර තාෂණික නොවන බහුකාර්ය -ඛණ්ඩ1(MN-2)

කණ්ඩායම 02

II

I

I

කළමණාකරන සහකාර

ප්‍රාථමික ශ්‍රේණිය අර්ධ ශිල්පීය (PL2)

III

II

කණ්ඩායම 06

I

ශ්‍රව්‍ය දෘශ්‍ය ක්‍රියාකරු

IV

කළමණාකාරන සහකාර තාෂණික නොවන ඛණ්ඩ 2   (MN-1)

II

V

I

III

VI

II

කණ්ඩායම 01

VII

III

ප්‍රාථමික ශ්‍රේණිය ශිල්පීය නොවන(PL1)

කණ්ඩායම 13

IV

I

කා.කා.ස

විධායක( SL1 )- පළමු කණ්ඩායම

කණ්ඩායම 05

II

නිල නිවාස භාර කරු

I

සහකාර ලේකම්

කළමණාකාරන සහකාර තාෂණික ඛණ්ඩ 2   (MT-2)

III

මුරකරු

II

I

IV

කම්කරු

III

කණ්ඩායම 04

V

IV

කළමණාකාරන සහකාර තාෂණික ඛණ්ඩය 3   (MT-1)

VI

V

I

VII

සටහන: ආයතනයේ ස්වභාවය අනුව සේවා ගණය වැටුප් කේතයන් සහ තනතුරු නාමයන් වෙනස් විය හැක. ඉහත සේවා ගණය ඇතුලත් කර ඇත්තේ රාජ්‍ය පරිපාලන චක්‍රෙලේඛ 03/2016ට අනුකූලවය

 


 

04. කාර්ය මණ්ඩල හැකියා විස්තරය

4.1 කණ්ඩායම - 01 (ඇමුණුම Vi  පරිදි කණ්ඩායම් අංකය )

ප්‍රාථමික ශ්‍රේණිය  ශිල්පීය නොවන - සේවා ගණය

අනු අංකය

තනතුරු නාමය

නිපුණතාවයන් (Competencies)

මුලික(Core)

තාක්ෂණික(Technical)

1

කාර්යාල කාර්ය සහයක

1

පාරිභෝගික සත්කාරය

1

දුරකථන ආචාර විධි

2

සන්නිවේදන කුසලතාවය

2

අත්‍යවශය යන්ත්‍ර සුත්‍ර භාවිතයේ හැකියාව

3

3

පරිගණක තාක්ෂණික මුලික දැනුම

4

4

පොත් බැදුම්කරණය පිළිබඳ නිපුණතාවය

2

නිල නිවාස භාරකරු

1

ගොඩනැගිලි නඩත්තුව පිළිබඳ දැනුම

1

ජල නල, විදුලි සැපයුම් සකස් කිරිම වැනි මුලික දැනුම

2

2

3

3

4

4

3

මුරකරු

1

සාක්ෂරතාවය

1

2

2

3

3

4

4

4

කම්කරු

1

1

යන්ත්‍ර සුත්‍ර භාවිතය

2

2

3

3

4

4

 

4.2 කණ්ඩායම - 02 (ඇමුණුම Vi  පරිදි කණ්ඩායම් අංකය )

ප්‍රාථමික ශ්‍රේණිය - අර්ධ ශිල්පීය - සේවා ගණය

අනු අංකය

තනතුරු නාමය

නිපුණතාවයන් (competencies)

මුලික(Core)

තාක්ෂණික(Technical)

1

ශ්‍රව්‍ය දෘශ්‍ය ක්‍රියාකරු

1

සන්නිවේදන කුසලතාවය

1

ශබ්ද විකාශන යන්ත්‍ර හා විද්‍යුත්  උපකරණ භාවිතය පිළිබඳ මනා නිපුණතාවය

2

2

3

3

4

4

 

4.3 කණ්ඩායම - 03 (ඇමුණුම Vi  පරිදි කණ්ඩායම් අංකය )

ප්‍රාථමික ශ්‍රේණිය - ශිල්පීය - සේවා ගණය

අනු අංකය

තනතුරු නාමය

නිපුණතාවයන් (competencies)

මුලික(Core)

තාක්ෂණික(Technical)

1

රියදුරු

1

වාහන නඩත්තුව පිළිබඳ හැකියාව

1

සැහැල්ලු ලොරි හා සැහැල්ලු බස් ධාවන සඳහා නිපුණතාවය

2

2

වාහන දෝෂ සකස් කිරිමේ හැකියාව

3

3

4

4

 

 


 

05. පුහුණු වැඩසටහන්වලට අමතරව හදුනාගනු ලබන අනෙකුත් මානව සම්පත් සංවර්ධන වැඩසටහන්

 

අනු අංකය

හදුනාගනු ලබන මානව සම්පත් සංවර්ධන වැඩසටහන

අදාල වන සේවා ගණය

1

ආකල්ප වර්ධනය පිළිබඳ වැඩසටහන

සියළු සේවා ගණයන්

2

පෞද්ගලික වියදම් කළමනාකරණය පිළිබඳ වැඩසටහන

සියළු සේවා ගණයන්

3

එදිනෙදා කටයුතු සඳහා ප්‍රථමාධාර හා ආරක්ෂාව පිළිබඳ වැඩසටහන

සියළු සේවා ගණයන්

4

නීති ගරුක පුරවැසියෙකු ලෙස ජිවත් විම පිළිබඳ පුහුණු වැඩසටහන

සියළු සේවා ගණයන්

5

දත්ත පද්ධති හැසිරවිම පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහන

ජ්‍යෙෂ්ඨ විධායක       

විධායක

කළමණාකරන සහකාර අධි පන්තිය

ක්ෂේත්‍රගත/කාර්යාලගත නිලධාරි

ආශ්‍රිත නිලධාරි

කළමණාකාරන සහකාර -තාෂණික නොවන

ප්‍රාථමික ශ්‍රේණිය ශිල්පීය

ප්‍රාථමික ශ්‍රේණිය ශිල්පීය නොවන

6

ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ භාවිතය පිළිබඳ පුහුණු වැඩසටහන

ප්‍රාථමික ශ්‍රේණිය අර්ධ ශිල්පීය

7

කාර්යාල නිලධාරින්ගේ මානසික සෞඛ්‍ය වර්ධනය කරලිමේ දැනුවත් කිරිමේ

සියළු සේවා ගණයන්

8

කාර්ය මණ්ඩලයේ සුහදත්වය වර්ධනය සඳහා වැඩසටහනක් පැවැත්විම

සියළු සේවා ගණයන්

9

පොසොන් පොහොය නිමිති කරගෙන කඩල /  දන්සැලක් පැවැත්විම

සියළු සේවා ගණයන්

10

සිල් / භාවනා  වැඩසටහන

සියළු සේවා ගණයන්

11

සිංහල ද්‍රවිඩ අළුත් අවුරුදු උත්සවය

සියළු සේවා ගණයන්

12

කව අතර තරඟ වැඩසටහනක් පැවැත්විම 

සියළු සේවා ගණයන්

 

 


 

06. පුහුණූ වැඩසටහන් විශ්ලේෂණය

6.1 ඡ්‍යෙෂ්ඨ මට්ටම . (සේවා මට්ටම) තනතුරු සඳහා යෝජිත පුහුණු වැඩසටහන්

SL 3-2016 හා SL 1-2016 (වැටුප් කේතය)

  • 6.1.1 කණ්ඩායම        -  කණ්ඩායම 15 හා 13
  • 6.1.2 අදාල සේවා ගණය හා අදාල තනතුර -SLAS  විධායක

 

කණ්ඩායම

කණ්ඩායම 15

කණ්ඩායම  13

 

වැටුප් කේතය

SL 3-2016 

SL 1-2016 

 

සේවා ගණය

SLAS

SLAS

 

අනු අංකය

තනතුරු

I

සභා ලේකම්

සහකාර ලේකම්

 

  • 6.1.3    මුලික පුහුණු වැඩසටහන් - කණ්ඩායම 15 හා 13

අනු අංකය

පුහුණු වැඩසටහන

නිපුණතා මට්ටම (Level of Competency)

කේතය

1

අල්ලස් හා දුෂණ විරෝධී පනත පිළිබඳ දැනුවත් විම

 

SL 3-2016 

2

තොරතුරු දැන ගැනීමේ පනත

 

SL 1-2016 

3

විවෘත හා වගකිව යුතු රජයක්

4

පුරවැසි ප්‍රඥප්ති ප්‍රෙව්ශය

 

  • 6.1.4    තාක්ෂණික පුහුණු වැඩසටහන්  - කණ්ඩායම 15 හා 13

අනු අංකය

තනතුර

උප අනු අංකය

පුහුණු වැඩසටහන

කේතය

1

සභා ලේකම්

1

DMIS වැඩසටහන්

SL 3-2016 

සහකාර ලේකම්

2

GAP ක්‍රමවේදය

SL 1-2016 

3

 

 

තෘතිය  මට්ටම . (සේවා මට්ටම) තනතුරු සඳහා යෝජිත පුහුණු වැඩසටහන් -

  • MN 07/2016  හා  MN 06/2016  (වැටුප් කේතය)
  • කණ්ඩායම        -  කණ්ඩායම 12 හා 11

අදාල සේවා ගණය හා අදාල තනතුර -කළමණාකරන සහකාර අධි පන්තිය හා කාර්යාල ගත  

නිලධාරි ඛණ්ඩ

කණ්ඩායම

කණ්ඩායම 12

කණ්ඩායම 11

වැටුප් කේතය

MN 7

MN 6

සේවා ගණය

කළමණාකරන සහකාර අධි පන්තිය

කාර්යාල ගත නිලධාරි

අනු අංකය

තනතුරු

I

පරිපාලන නිලධාරි

භාෂා පරිවර්ථක

 

  • 6.1.3    මුලික පුහුණු වැඩසටහන්  - කණ්ඩායම  12-11

අනු අංකය

පුහුණු වැඩසටහන

නිපුණතා මට්ටම (Level of Competency)

කේතය

1

දුෂණ විරෝධි පනත සම්බන්ධ පුහුණුව

MN 7

2

රාජ්‍ය අංශයේ පුරවැසි ප්‍රඥප්තිය සකස් කිරිම හා පුහුණුව

MN 7

3

විවෘත හා වගකිව රජයක්

MN 7

4

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පිළිබඳ පුහුණුව

MN 6

5

තිරසර සංවර්ධන අභිමතාර්ථ

MN 7

            6.1.4    තාක්ෂණික පුහුණු වැඩසටහන්  - කණ්ඩායම 11-12

අනු අංකය

තනතුර

උප අනු අංකය

පුහුණු වැඩසටහන

කේතය

1

පරිපාලන නිලධාරි

1

දත්ත පද්ධති සකස් කිරිම පිළිබඳ පුහුණුව

MN 7

2

3

 

 

ද්විතිය  මට්ටම . (සේවා මට්ටම) තනතුරු සඳහා යෝජිත පුහුණු වැඩසටහන්
  • MN 04/2016  (වැටුප් කේතය)
  • කණ්ඩායම        -  කණ්ඩායම 09-07

අදාල සේවා ගණය හා අදාල තනතුර -දෙපාර්තුමේන්තුගත  හා ආශ්‍රිත නිලධාරි හා   කළමණාකරන සේවා නිලධාරි

කණ්ඩායම

කණ්ඩායම 09

 

කණ්ඩායම 09

 

කණ්ඩායම 07

වැටුප් කේතය

MN 4

MN 4

MN 2

සේවා ගණය

කාර්යාල ගත නිලධාරි

ආශ්‍රිත නිලධාරි

කළමණාකරන සහකාර තාක්ෂණික නොවන - ඛණ්ඩ 1

අනු අංකය

තනතුරු

I

හැන්සාඩ් සංස්කාරක

සංවර්ධන නිලධාරි

කළමණාකරන සහකාර

 

  • 6.1.3 මුලික පුහුණු වැඩසටහන්  - කණ්ඩායම  09-07

අනු අංකය

පුහුණු වැඩසටහන

නිපුණතා මට්ටම (Level of Competency)

කේතය

1

දුෂණ විරෝධි පනත

සංවර්ධන නිලධාරි  හැන්සාඩ් සංස්කාරක

MN 4

2

කාර්යාලිය රැස්විම් සංවිධානය හා වාර්තා සකස් කිරිම

MN 4

3

තිරසර සංව්ධන අභිමථාර්ථ පිළිබඳ පුහුණුව

සංවර්ධන නිලධාරි  

MN 4

4

දේශගුණික විපර්යාස පිළිබඳ දැනකුවත් කිරිම

5

ඵලදායිතාවය හා ක්‍රියාවලි වැඩි දියුණුව

6

ව්‍යාපෘති කළමනාකරනය පිළිබඳ පුහුණුව

7

වාර්ෂික සැළසුම් සකස් කිරිමේ පුහුණුව

8

වාර්ෂික භාණ්ඩ සමික්ෂණය පිළිබඳ පුහුණුව

කළමණාකරන සහකාර සේවය

MN 2

9

විගණන විමසුම් සඳහා පිළිතුරු සැපයිම

MN 2

10

බල ශක්ති සංරක්ෂණය විකල්ප බලශක්ති භාවිතය

MN 2

11

රජයේ වාහනක නඩත්තුව පිළිබඳ පුහුණුව

MN 2

12

කාර්යාල කළමණාකරනය හා කාර්යාල ක්‍රම

MN 2

 

  • 6.1.4    තාක්ෂණික පුහුණු වැඩසටහන්  - කණ්ඩායම 09

අනු අංකය

තනතුර

උප අනු අංකය

පුහුණු වැඩසටහන

කේතය

1

සංවර්ධන නිලධාරි

1

දත්ත පද්ධති සකස් කිරිම පිළිබඳ පුහුණුව

පරිගණක ශිල්පිය දැනුම

MN 4

2

කළමණාකරන සහකාර සේවය

2

MN 2

 

 

ප්‍රාථමික  මට්ටම . (සේවා මට්ටම) තනතුරු සඳහා යෝජිත පුහුණු වැඩසටහන්

  • MN 04/2016  (වැටුප් කේතය)
  • කණ්ඩායම        -  කණ්ඩායම 03-02-01

අදාල සේවා ගණය හා අදාල තනතුර -ප්‍රාථමික ශ්‍රේණිය ශිල්පීය  - පළාත් රියදුරු සේවය  

 

ප්‍රාථමික ශ්‍රේණිය ශිල්පිය        

කණ්ඩායම

කණ්ඩායම 03

කණ්ඩායම 02

කණ්ඩායම 01

වැටුප් කේතය

PL3

PL2

PL1

සේවා ගණය

 

 

 

අනු අංකය

තනතුරු

I

රියදුරු

ශ්‍රව්‍ය දෘශ්‍ය ක්‍රියාකරු

කාර්යාල කාර්ය සහයක

2

නිල නිවාස භාරකරු

3

මුරකරු

4

කම්කරු

 

  • 6.1.3    මුලික පුහුණු වැඩසටහන්  - කණ්ඩායම  1-2-3

අනු අංකය

පුහුණු වැඩසටහන

නිපුණතා මට්ටම (Level of Competency)

කේතය

1

පංච විධ සංකල්පය

කාර්යාල කාර්ය සහයක - මුරකරු-කම්කරු- නිල නිවාස භාරකරු

PL1

2

කාර්යාලප ක්‍රම හා පාරිභෝගික සත්කාරය

කාර්යාල කාර්ය සහයක -කම්කරු- නිල නිවාස භාරකරු

PL1 -

3

මාර්ග ආරක්ෂණය පිළිබඳ පුහුණුව

රියදුරු

PL3

4

විකල්ප බල ශක්ති පුහුණුව

කාර්යාල කාර්ය සහයක -කම්කරු -මුරකරු - නිල නිවාස භාරකරු- ශ්‍රව්‍ය දෘශ්‍ය ක්‍රියාකරු

PL1 හා PL2

           

  • 6.1.4    තාක්ෂණික පුහුණු වැඩසටහන්  - කණ්ඩායම 1-2-3

අනු අංකය

තනතුර

උප අනු අංකය

පුහුණු වැඩසටහන

කේතය

1

කාර්යාල කාර්ය සහයක         ශ්‍රව්‍ය දෘශ්‍ය ක්‍රියාකරු

1

මුලික පරිගණක දැනුම භාවිතය

PL3 හා PL2

2

කාර්යාල කාර්ය සහයක         නිල නිවාස භාරකරු

2

හදිසි අවස්ථාවන්හිදි ප්‍රථමාධාර පුහුණුව

PL1

3

කාර්යාල කාර්ය සහයක           ශ්‍රව්‍ය දෘශ්‍ය ක්‍රියාකරු

3

කාර්යාල උපකරණ නඩත්තුව

PL2 හා PL1

4

කාර්යාල කාර්ය සහයක

ලේඛනාගාර නඩත්තුව

PL1

5

කාර්යාල කාර්ය සහයක

ගබඩා කළමණාකරනය

PL1

6

රියදුරු

රජයේ වාහන නඩත්තුව

PL3

7

කාර්යාල කාර්ය සහයක

පොත් බැඳිම පිළිබඳ පුහුණුව

PL1

8

කාර්යාල කාර්ය සහයක        ශ්‍රව්‍ය දෘශ්‍ය ක්‍රියාකරු

දුරකථන ආචාර ධර්ම පුහුණුව

PL1 හා PL2

 

 


 

07. මානව සම්පත් සංවර්ධන දින දර්ශනය

අනු අංකය

පුහුණූ කේතය

පුහුණු වැඩසටහන

වර්ෂය

කාර්තුව

1

2

3

4

පිරිස් පුහුණු අංශය මගින් සකස් කරනු ලබන  පුහුණු කාල සටහන හා බැදේ

centra province mapශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටා ඇති මධ්‍යම පළාත නුවරඑළිය, මහනුවර හා මාතලේ යන දිස්ත්‍රික්ක 03න් සමන්විත වේ. එහි භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 5674ක් වන අතර එය දිවයිනේ මුඑ භූමි ප්‍රමාණයෙන් 8.2%ක් වේ. භූගෝලීය වශයෙන් උතුරු අක්‍ෂාංශ 6.6º හා 7.7º අතරත් දේශාංශ වශයෙන් නැගෙනහිර දේශාංශ 80.5 º හා 80. 9º ත් අතර පිහිටයි. මධ්‍යම කඳුකරය තුල පළාතේ උන්නතාංශය අඩි 600 සිට අඩි 6000 දක්වා වෙනස්වේ. තව ද මධ්‍යම පළාත උතුරින් උතුරු මැද පළාතින් ද නැගෙනහිරින් මහවැලි ගඟෙන් සහ උමා ඔයෙන් ද දකුණින් ශ්‍රීපාදස්ථාන කඳුවැටියෙන්, කිරිගල්පොත්තෙන් සහ තොටපළ කන්දෙන් ද බටහිරින් දොළොස්බාගේ සහ ගලගෙදර කඳුපන්තියෙන්ද මායිම්ව පිහිටයි.

මධ්‍යන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 16 සිට 28 දක්වා වෙනස්වන අතර මෙහි පහළ අගයයන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කඳුකර ස්ථානයන්ගෙන් වාර්තාවේ. මුඑ භූමි ප්‍රමාණයෙන් 52%ක්ම වගාකොට ඇති අතර 6.3%ක් වගාකළහැකි බිම් ලෙස හඳුනාගෙන තිබේ. වගාකර ඇති භූමියෙන් 35%කම තේ වගාකොට ඇති අතර ඉන් 14.8%ක වී වගාකොට තිබේ. පොල් සහ රබර් වගාවන් සහිත බිම්වල ප්‍රතිශතයන් පිළිවෙලින් 4.8% හා 2.3% වේ.

 


 

දේශගුණය සහ ඉඩම් භාවිතය

උන්නතාංශ වෙනස්කම් හේතුවෙන් මධ්‍යම පළාත පුළුල් උෂ්ණත්ව පරාසයක් අත්විඳියි. පහතරට සහ මධ්‍යම උන්නතාංශ ප්‍රදේශවල සාමාන්‍ය උෂ්ණත්වය සාමාන්‍යයෙන් දළ වශයෙන් 20 °C සහ 28 °C අතර පහත වැටෙන අතර නුවරඑළියේ කඳුකර ප්‍රදේශ 16 °Cට ආසන්න උෂ්ණත්වයක් අත්විඳින අතර එය සිසිල්, සෞම්‍ය උස් දේශගුණයක් ලබා දෙයි.

කෘෂිකර්මාන්තය ප්‍රධාන භූමි පරිහරණයක් ලෙස පවතී, කඳුකරයේ තේ වතු සැලකිය යුතු ලෙස වගා කිරීම සහ පහත් උන්නතාංශවල වී සහ අනෙකුත් ක්ෂේත්‍ර භෝග වගා කෙරේ. 2025 නිල මූලාශ්‍රවල භෝග වර්ගය අනුව නිශ්චිතව යාවත්කාලීන කරන ලද ඉඩම් පරිහරණ ප්‍රතිශත තවමත් පළාත් මට්ටමින් ප්‍රකාශයට පත් කර නැතත්, තේ කඳුකරයේ ප්‍රමුඛ වාණිජ බෝගය ලෙස දිගටම පවතී. ඓතිහාසික රටා යෝජනා කරන්නේ ස්ථිර වැවිලි භෝග (විශේෂයෙන් තේ) සහ වී පළාතේ කෘෂිකාර්මික පැතිකඩ සඳහා තීරණාත්මකව පවතින බවයි.

 

පරිපාලනය සහ පළාත් පාලනය

පරිපාලනමය අරමුණු සඳහා, මධ්‍යම පළාත තවමත් එහි දිස්ත්‍රික්ක තුන හරහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 36 කට බෙදා ඇත. මේවා තවදුරටත් ග්‍රාම නිලධාරී කොට්ඨාශ සහ ප්‍රාදේශීය පාලනයට සහ රාජ්‍ය සේවා සැපයීමට පහසුකම් සපයන ගම්වලට බෙදා ඇත.

මුල් දශකවල සිට පළාත් පාලන ආයතන පුළුල් කර ප්‍රතිව්‍යුහගත කර ඇත: වඩාත්ම මෑත පළාත් දත්තවලට අනුව, නාගරික මධ්‍යස්ථානවල වර්ධනය සහ පරිපාලන වර්ගීකරණයේ වෙනස්කම් පිළිබිඹු කරමින් මහ නගර සභා 4 ක්, නගර සභා 6 ක් සහ ප්‍රාදේශීය සභා 37 ක් ඇත. (lgd.cp.gov.lk) 13 වැනි සංශෝධනයෙන් පසු ස්ථාපිත ව්‍යවස්ථාමය රාමුවට අනුකූලව ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ආණ්ඩුකාරවරයකුගේ ප්‍රධානත්වයෙන් තේරී පත් වූ මධ්‍යම පළාත් සභාවක් සහිත පළාත් සභා ක්‍රමය යටතේ පළාත පාලනය වේ.

 

ජනගහනය සහ ජනවිකාසය (2024 සංගණනය)

  • මහනුවර දිස්ත්‍රික්කය: ඉහළ නාගරීකරණය සහ ආර්ථික ක්‍රියාකාරකම් හේතුවෙන් පදිංචිකරුවන්ගේ විශාලතම කොටස සත්කාරකත්වය දරයි.
  • නුවරඑළිය දිස්ත්‍රික්කය: භූමි ප්‍රමාණයෙන් ප්‍රමාණයෙන් යුක්ත වුවද, වතු වතු සහ උස්බිම් කලාපවලට බැඳී ඇති වඩාත් විසිරුණු ජනාවාස රටා දක්නට ලැබේ.
  • මාතලේ දිස්ත්‍රික්කය: සැලකිය යුතු ග්‍රාමීය ජනගහනයකට ද දායක වේ.

 

📊 ජනගහන දළ විශ්ලේෂණය (2024 සංගණනය)

  • මුළු ජනගහනය: දළ වශයෙන්. පුද්ගලයන් 2,714,045 (2024 ඇස්තමේන්තුව) - 2012 දී මිලියන 2.42 සිට වර්ධනයක් පෙන්නුම් කරයි.
  • ස්ත්‍රී පුරුෂ සමාජභාවය:
    • පිරිමි: ~1,298,405
    • ගැහැණු: ~1,415,640

 

👥 වයස් ව්‍යුහය (2024 සංගණනය)

වයස් ව්‍යාප්තිය මධ්‍යම පළාතේ සමාජ ව්‍යුහය පිළිබඳ අවබෝධයක් ලබා දෙයි:

  • අවුරුදු 0-14: ~593,854
  • අවුරුදු 15-64 (වැඩ කරන වයස): ~1,764,738
  • අවුරුදු 65+: ~355,453

මෙය සැලකිය යුතු ළමා කොටසක් සහ වර්ධනය වන වැඩිහිටි කණ්ඩායමක් සමඟ සාපේක්ෂව තරුණ වැඩ කරන ජනගහනයක් පෙන්නුම් කරයි.

 

🧬 වාර්ගික සංයුතිය

මධ්‍යම පළාත ස්වදේශික ප්‍රජාවන් සහ ඓතිහාසික සංක්‍රමණ රටා (උදා: තේ වතු කම්කරුවන්) යන දෙකම පිළිබිඹු කරමින් වාර්ගික වශයෙන් විවිධ වේ:

ජනවාර්ගික කණ්ඩායමජනගහනය (2024)ප්‍රතිශතය
සිංහල 1,784,004 ~65.7%
ඉන්දියානු දෙමළ 408,326 ~15.0%
ශ්‍රී ලාංකික දෙමළ 225,232 ~8.3%
ශ්‍රී ලාංකික මුවර් (මුස්ලිම්) 290,621 ~10.7%
වෙනත් ජනවාර්ගික කණ්ඩායම් 5,862 ~0.2%
සටහන්::
  • ඉන්දියානු දෙමළ: බොහෝ දුරට වතුකරයේ (උදා: නුවරඑළිය සහ මහනුවර කොටස්) වාසය කරයි.
  • සිංහල: බොහෝ දිස්ත්‍රික්කවල, විශේෂයෙන්ම මහනුවර සහ මාතලේ බහුතරය වේ.

 

✝️ ආගමික සංයුතිය

 

ආගමජනගහනය (2024)ප්‍රතිශතය
බෞද්ධ 1,760,947 ~65.0%
හින්දු 568,065 ~21.0%
මුස්ලිම් 298,150 ~11.0%
කිතුනු 86,544 ~3.2%
වෙනත් 339 ~0.01%
  • බුද්ධාගම: විශේෂයෙන්ම මහනුවර වැනි සංස්කෘතික මධ්‍යස්ථාන වටා ගැඹුරින් මුල් බැස ඇති විශාලතම ආගම වේ.
  • හින්දු ආගම: මූලික වශයෙන් ඉන්දියානු දෙමළ සහ ශ්‍රී ලංකා දෙමළ ප්‍රජාවන් දෙකම පිළිබිඹු කරයි.
  • ඉස්ලාම්: ප්‍රධාන වශයෙන් මුවර් ජනගහනය සමඟ සම්බන්ධ වේ..

 

🏙️ නාගරික, ග්‍රාමීය සහ වතු ප්‍රජාවන් වර්ගීකරණය

මධ්‍යම පළාත තවමත් ප්‍රධාන වශයෙන් ග්‍රාමීය වන අතර සැලකිය යුතු වතු ප්‍රජාවන් තේ නිෂ්පාදනයට බැඳී ඇත::

  • ග්‍රාමීය පදිංචිකරුවන්: ~70%
  • වතු (තේ) පදිංචිකරුවන්: ~17–18%
  • නාගරික පදිංචිකරුවන්: ~12–13%

නාගරික ප්‍රදේශවලට මහනුවර, මාතලේ, නුවරඑළිය, ගම්පොල, දඹුල්ල සහ හැටන් වැනි නගර සහ නගර ඇතුළත් වේ.

 

📍 දිස්ත්‍රික්ක වර්ගීකරණය (ජනගහනය 2024)

දිස්ත්‍රික්කයජනගහනය (2024)
මහනුවර ~1,461,895
මාතලේ ~526,870
නුවරඑළිය ~725,280
සමස්ත~2,714,045

 

2010 සිට 2024/2025 දක්වා යාවත්කාලීන කළ දත්තවල සාරාංශය

විශේෂාංගයනවතම දත්ත (2024/2025)පැරණි දත්ත (2010 පමණ)
ජනගහනය (මුළු) ~2,712,804 ~2.4 සිට මිලියන 2.5 දක්වා (2001/2007 ඇස්තමේන්තුගත)
ජන ඝනත්වය ~478 පුද්ගලයින්/km² ~433 පුද්ගලයින්/km²
භූමි ප්‍රමාණය 5,674 km² 5,674 km²
පරිපාලන අංශ මහ නගර සභා 4, නගර සභා 6, ප්‍රාදේශීය සභා 37 මහ නගර සභා 4, නගර සභා 6, ප්‍රාදේශීය සභා 37
දේශගුණය සෞම්‍ය සිට නිවර්තන දක්වා වෙනස් වේ විශාල වෙනසක් නිරීක්ෂණය වී නොමැත

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනූව ප්‍රජාතන්ත්‍රවාදී  පාලන ක්‍රමයෙහි විශේෂ ලක්ෂණයක් වන්නේ  සෙංකෝලයයි. සෙංකෝලය පාර්ලිමේන්තුවේ කථානායකගේ බල අධිකාරිය මෙන්ම පාර්ලිමේන්තුවේ අණසක සංකේතවත් කරන ඵෙතිහාසික වටිනාකමක් සහිත වස්තුවක් බව පිළිගැනීමකි. ඒ අනූව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දැනට ඇති සෙංකෝලයද බ්‍රිතාන්‍ය සම්ප්‍රදායට අනූව සකසා 1949 දී මෙරටට ලැබී ඇත.

මධ්‍යම පළාත්  සභා සෙංකෝලයද නිම වී ඇත්තේ මේ අනුසාරයේ ප්‍රතිඵලයක් ලෙසටය. මධ්‍යම පළාත් සභා සෙංකෝලය වටිනා කළුවර දැවයෙන් හා රිදී පැහැ ලෝහයෙන් නිර්මාණය කළ උඩරට කලා සම්ප්‍රදායේ ප්‍රතිමූර්තියකි. සභා රැස්වීම් ආරම්භ කරන අවස්ථා වලදී සෙංකෝලය පෙරටු කරගෙන ගරු සභාපතිතුමා ඇතුළු ලේකම්වරුන් සභා ගැබට ඇතුළුවන අවස්ථාවේ සිට එය රඳවා තබන තෙක් ගරු සභාව තුල සිටින සියළුම මැති ඇමතිවරුන් හා නිලධාරීන් ඊට ගරු කිරීමක් ලෙසට සිය අසුනෙන් නැඟී සිට හිස නමා ඊට ආචාර කරනු ලබයි.

 සෙංකෝලය සභා ගැබ තුල තබන සෑම විටකම එහි ඔටුන්න සහිත ගෝලය ආණ්ඩුපක්ෂය දෙසට තැබිය යුතුය. සභාව මහා සභාවක් ලෙස කටයුතු කරන  විට එය රඳවනයෙහි ඉහළම කොටසේද සභාව කාරක සභාවක් ලෙස කටයුතු කරන විට එය පහත රඳවනයෙහිදතැබිය යුතුය.පළාත් සභා සෙංකෝලයේ ශීර්ෂය උඩරට රාජධානියේ කිරුළ නිරූපනය කර ඇති අතර ඒ තුලින් උත්තරීතර පාලනය විදහා දක්වයි. ගෝලය මැද පළාත් කොඩියේ සිංහයා නිර්මාණය කර ඒ තුලින් පරිපූර්ණත්වය ,නොබෙදිය හැකි බවද, ධාන්‍ය කරල් මගින් සශ්‍රීකත්වයද,සෞභාග්‍යද සංකේතවත් කර ඇත. සදාකාලිකත්වය නිරූපණය කිරීම සඳහා සූර්යයා සහ චන්ද්‍රයාද කැටයම් කර ඇත. මෙහි පිපුණු නෙළුම් මල විසිතුරු බව නොකැලැල් බව, සුන්දරත්වය හා ගෞරවනීය බවත් සංකේතවත් කරන අතර පේකඩ සහිත කුළුණු හිසක් මත ඒ සියල්ල දරා සි‍ටිමින් දරාගැනීමේ හැකියාව පිළිඹිබු කරයි. සිංහ මුහුණු 04ක් නිර්මාණය කර ඇති අතර එමගින් ආරක්ෂාව,සුරක්ෂිත බවඅපේක්ෂා කරයි.විචිත්‍රවත් අත්දණ්ඩෙ ඉහළින් වළලු තුනක් නිර්මාණය කර ඒ තුලින් තුනුරුවන්ද වළලු 10න් දසරාජ ධර්මද,පහත වළලු 03න් මහනුවර ,මාතලේ, නුවරඑළිය යන මධ්‍යම පළාතට අයත් දිස්ත්‍රික්ක තුනද පෙන්වා දී ඇත. පහතින්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයද දක්වා ඇති අතර සෙංකෝලයේ අලංකාරත්වය වැඩි කිරීම සඳහා තවත් සුක්ෂම විශේෂ ලක්ෂණ රැසක්ද එකතු කර ඇත.

 

01. උත්තරීතර පාලනය (ඔටුන්න- උඩරට රාජධානියේ  කිරුළ)
02. පරිපුර්ණත්වය,නොබෙදිය හැකි බව(ගෝලය)
03. පළාත් කොඩියේ සිංහයා
04. සශ්‍රික බව(වී කරල)
05. විචිත්‍ර බව
06. ස්ථිර බව (ඉර, හඳ, ධර්මචක්‍රය හා පළාත් පුෂ්පය - සදාකාලික බව)
07. පද්මය - (විසිතුරු බව, නොකැළැල් බව, සුන්දර බව, ගෞරවනීය බව)
08. ආරක්ෂාව / සුරක්ෂිත බව (සිංහ මූණු හතර)
09. ත්‍රිවිධ රත්නය (වළලු තුන)
10. දස රාජ ධර්ම (වළලු දහය)
11. විචිත්‍ර අත් දණ්ඩ
12. දිස්ත්‍රික්ක තුන (වළලු තුන)
13. ආර්ය අෂ්ඨාංගික මාර්ගය

central province flagශ්‍රී ලංකා ප්‍රජාතාන්‍ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මගින් පළාත් සභා ක්‍රමය ස්ථාපිත කර ඇති අතර පළාත් සභාවල අනුගමනය කල යුතු කාර්ය පටිපාටිය,පළාත් සභා රජයේ සේවයට අදාල කාරණා සහ ඒ හා සම්බන්ධ හෝ ඊට අනුෂාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම1987අංක 42 දරණ පළාත් සභා පනත මගින් සිදුකර ඇත.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ  i වන ලැයිස්තුවේ සඳහන් (පළාත් සභා ලැයිස්තුව)කාරණා සම්බන්ධයෙන් නීති සෑදීමේ බලය පළාත් සභාවට හිමිවේ. ii වන ලැයිස්තුවේ සඳහන්(සංවෘත ලැයිස්තුව)කාරණා සම්බන්ධයෙන් නීති සෑදිමේ බලය පාර්ලිමේන්තුව සතුවේ. iii වන ලැයිස්තුවේ (සමගාමී ලැයිස්තුව) සඳහන් කාරණා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සමඟ සාකච්ඡාකර පළාත් සභාවටත්,පළාත් සභාව සමඟ සාකච්ඡා කර පාර්ලිමේන්තුවටත් නීති සෑදීමේ බලය හිමිවේ.මෙලෙස පළාත් සභාව මලින් සාදනු ලබන නීතී ප්‍රඥප්ති ලෙස හදුන්වනු ලැබේ.

 මධ්‍යම පළාත් සභාව මහනුවර,මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් මන්ත්‍රීවරු 58 දෙනෙකුගෙන් සමන්විත වන අතර මධ්‍යම පළාත් සභාව 1988 ජූලී 14 දින සිට ක්‍රියාත්මක වේ.

මධ්‍යම පළාතට අදාල විධායක බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අනූව ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන ආණ්ඩුකාරවරයාට පැවරෙන අතර එහි ව්‍යවස්ථාදායක කටයුතු පළාත් සභාවට පැවරේ.ආණ්ඩුකාරවරයාට ඔහුගේ කර්තව්‍ය ඉටුකිරීමේදී සහායවීම හා උපදෙස් දීම සඳහා ප්‍රධාන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු වෙනත් අමාත්‍යවරයන් හතර දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවක් පත්කල හැකිය. පළාත්සභා කටයුතු කරගෙන යාම සඳහා පළාත් සභා ඡන්ද විමසීමකින් පසු පැවැත්වෙන පළමු සභා රැස්වීමේදී පළාත් සභා මන්ත්‍රීවරුන් අතරින් දෙදෙනෙකු සභාපතිවරයා හා නියෝජ්‍ය සභාපතිවරයා ලෙස පත්කරගැනීමට කටයුතු කරනු ලැබේ.

මීට අමතරව පළාත් සභාවේ කටයුතු  පහසු කරලීම සදහා පහත සඳහන් ධූරයන්ද  සාම්ප්‍රදානුකූලව පවත්වාගෙන  යනු ලැබේ.

  1. විපක්ෂනායක
  2. සභානායක
  3. ආණ්ඩු පක්ෂ සංවිධායක
  4. විපක්ෂ සංවිධායක

පළාත්සභාවේ එකී කටයුතු විධිමත්ව කරගෙන යාම සඳහා 1987 අංක 42 දරණ පළාත් සභා පනතේ 11 වන වගන්තියේ නියමයන්ට යටත්ව කාර්ය පටිපාටික රීති සංග්‍රහයක් සම්මත කරගෙන ඇත.

1987 අංක 42 දරණ පළාත්සභා පනගේ 17(1) හා 17(2) වගන්තිවල විධිවිධාන වලට අනූව සභාලේකම් කාර්යාලය පිහිටුවා ඇති අතර එහි කටයුතු විධීමත් කිරීම සඳහා 1990 අංක 15 දරණ මධ්‍යම පළාත් සභාවේ සභා ලේකම් කාර්ය මණ්ඩල ප්‍රඥප්තිය අනුමත කර ඇත.

කාර්ය පටිපාටික රීති සංග්‍රහය අනූව  සභාවේ කටයුතු පහසු කිරීම සඳහා පළාත් සභාවේ අමාත්‍යංශ 05 සඳහා උපදේශක කාරක සභා 05ක් හා පහත සඳහන් කාරක සභාවන් ක්‍රියාත්මක වේ.

  1. මහජන පෙත්සම් කාරක සභාව
  2. ප්‍රඥප්ති හා නීති පිළිබඳ කාරක සභාව
  3. සභා කාර්යයන් පිළිබඳ කාරක සභාව
  4. කාර්ය පටිපාටික රීති පිළිබඳ කාරක සභාව
  5. ගෘහකාරක සභාව
  6. අවධි කාරක සභාව
  7. පළාත් සභා රාජ්‍ය ගිණුම් කාරක සභාව
  8. වරින් වර සභාවේ යෝජනා සම්මතයෙන් පත්කරනු ලබන විශේෂ කාරක සභා

සභාවේ පරිපාලනමය කටයුතු ඉටුකරනු ලබන සභාලේකම් කාර්යාලය එහි කටයුතු පහසුකර ගැනීම සඳහා ආයතන අංශය,ගිණුම් අංශය,සභා කටයුතු අංශය හා විමංශන අංශය ලෙස අංශ 04ක් මගන් ඉටුකරනු ලැබේ.


 

 අපගේ දැක්ම

අපගේ අරමුණු

අපගේ ප්‍රධාන කාර්යයන්

"සෞභාග්‍යය සපිරි මැද රටක්......!˜

 අපගේ මෙහෙවර

මධ්‍යම පළාත තුළ ජිවත් වන ජනතාවට , දේශපාලනික, ආගමික, සමාජයීය, අධ්‍යාපන හා ආර්ථික සෞභාග්‍යය උදා කරලීම සඳහා     ව්‍යවස්ථාදායකය විසින් අනුමත කරනු ලබන නීති, රීති හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිමට දායක විම සහ  සම්බන්ධීකාරකයෙකු ලෙස කටයුතු කිරිම..

  1. ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 1987 අංක 42 දරණ පළාත් සභා පනත යටතේ පැවරී ඇති බලතල ප්‍රශස්ථ ලෙස ක්‍රියාත්මක කිරිම.
  2. මහජන නියෝජිතයන්ට අවශ්‍ය සේවා හා පහසුකම් කාර්‍යක්ෂම සහ අපක්ෂපාති ලෙස සැලසීම.
  3. ආයතන කාර්ය මණ්ඩලය උපරිම කාර්යක්ෂමතාවයෙන්  පවත්වාගෙන යෑම.
  4. මධ්‍යම පළාත් සභාව සතු ආයතන ඵලදායි, විනිවිදභාවයෙන් හා වගවීමෙන් යුතු ආයතන පද්ධතියක් බවට පත් කරලීම සඳහා දායකත්වය ලබාදීම.
  5. මධ්‍යම පළාත් සභාවේ ව්‍යවස්ථාදායක කටයුතු සියළුම පාර්ශව සමඟ ප්‍රශස්ත ලෙස සම්බන්ධිකරණය කිරීම.
  1. මධ්‍යම පළාත් තුළ ජිවත් වන සමස්ථ ජනතාවගේ සමාජිය හා ආර්ථික සෞභාග්‍යය උදාකරලිම සඳහා ගරු මැති ඇමතිවරුන් ඉටු කරනු ලබන  ව්‍යවස්ථාදායක කටයුතු වඩාත් සඵලදායි ලෙස ක්‍රියාත්මක කිරිමට සහය වීම.
  2. කාර්ය පටිපාටි රීති වලට අනුකූලව සභා රැස්විම් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සංවිධානය කිරීම.
  3. නියමිත දිනට සභා රැස්විම් වාර්තා හැන්සාඩ් ගත කිරීම.
  4. සභා රීතිවලට අනුකූලව ප්‍රඥප්ති සම්මත කිරීමට අවශය සියළු කටයුතු ඉටු කිරීම.
  5. අමාත්‍යංශ උපදේශක කාර්ක සභා හා අනෙකුත් කාරක සභා රැස්වීම් පැවැත්වීම සහ ඉදිරි කටයුතු කිරිම.
  6. ගරු මන්ත්‍රි මණ්ඩලය හා ඔවුන්ගේ කාර්ය මණ්ඩලය වෙත වැටුප් හා දීමනා ගෙවිම.
  7. ගරු මැති ඇමතිවරුන්ගේ පොදු පහසුකම් හා වරප්‍රසාද සම්බන්ධව කටයුතු කිරිම.
  8. ආයතනික සාමාන්‍ය පරිපාලනය විධිමත්ව පවත්වාගෙන යාම.

 

 

maha rath mala central provincial flowerමධ්‍යම පළාතේ නිල පුෂ්පය වන මහ රත් මල (Rhododendron arboreum - subsp. zeylanicum), මුහුදු මට්ටමේ සිට මීටර් 1700 - 2300 ක් උස, නුවරඑළිය දිස්ත්‍රික්කයේ හෝර්ටන් තැනිතලාව, ඔහිය, පට්ටිපොල, සීතාඑළිය, මූන් තැන්න යන ප්‍රදේශවල වර්ධනය වේ. මෙම ශාකය නකල්ස්, නමුණුකුල කඳු වැටිවල වැඩෙන බව වාර්තා වේ.

මහ රත් මල ශාක වනාන්තරවලට වඩා විවෘත තැනිතලාවල වඩා හොඳින් වර්ධනය වේ. එය විවෘත තැනිතලාවල අඩි 2 හෝ 3 ක් දක්වා වර්ධනය වන අතර වනාන්තරවල අඩි 10 හෝ 15 ක් දක්වා වර්ධනය වේ. කඳුකරයේ සිසිල් ප්‍රදේශවල නොනැසී පැවතීමට අමතරව, මෙම ශාකය හෝර්ටන් තැනිතලාවේ නිතර සිදුවන ලැව්ගිනි වලට සාර්ථකව ඔරොත්තු දෙන බව නිරීක්ෂණය කර ඇත, එයට ගින්නෙන් විනාශ වූ පසු නැවත වර්ධනය වීමට හැකියාව ඇත. කොළ මිලිමීටර් 110×50 ක ඝනකමක් පෙන්නුම් කරයි. අනෙකුත් උප විශේෂවල කොළ සමඟ සමානව මහ රත් මල කොළවල යටි පැත්තේ සිහින් දුඹුරු පැහැති රෝම දරයි. මෙය අධික සීතලට ඔරොත්තු දීමේ අනුවර්තනයක් ලෙස සැලකිය හැකිය.

Rhododendron arboreum, zeylanicum උප විශේෂයේ අංකුර ඕවලාකාර හැඩයෙන් යුක්ත වන අතර ඒවා වරින් වර මල් ලෙස විවෘත වේ. මල් තද රතු පැහැයෙන් යුත් පොකුරු ලෙස එළියට එයි. එවැනි සෑම මල් පොකුරකම මල් 10,20 ක් අඩංගු වන අතර ඒවා වෙන් කළ හැකි අතර ප්‍රමාණයෙන් 35mm × 20mm වේ. හෝර්ටන් තැනිතලාවේ මල් අප්‍රේල් සිට ජුනි දක්වා කාලය තුළ බහුල ලෙස පිපෙන අතර මීදුමෙන් වැසුණු කඳුකරයට වර්ණ එකතු කරන අතර සුන්දර දිලිසෙන දර්ශනයක් ඉදිරිපත් කරන අතර සොබාදහමේ සුන්දරත්වයට මී මැස්සන් සහ පක්ෂීන් සපයන ලද පැණි වලට ආකර්ෂණය වන අතර එමඟින් කඳුකරයේ කැපී පෙනෙන සුන්දරත්වයේ දර්ශනයක් දක්නට ලැබේ.

මහ රත් මල, zeylanicum උප විශේෂය මධ්‍යම කඳුකරයේ පමණක් වර්ධනය වේ. එබැවින් මෙම මල මධ්‍යම කලාපයට ආවේණික මලක් ලෙස පිළිගෙන ඇත.

.

 

අප අමතන්න

Telephone: සභා ලේකම් කාර්යාලය
3 වන මහල, මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
-
Telephone: +94 812 420108
+94 812 420109
Fax: +94 812 421969
E-mail: assemblycpc@gmail.com

අපගේ අමුත්තන්

අප සමග අමුත්තන් 58 ක් සහ කිසිදු සාමාජිකයෙක් නැත සබැඳි සිටී